මිනිස් ජිවිතයේ ඉතාම වැදගත් හා සංවේදිම කාලපරිච්ඡේදය මුල් ළමාවිය අවධියයි.  මුල් වසර පහක කාලයක් තුල ලදරුවාගේ කායික, මානසික , සමාජමය හා චිත්තවේගමය දියුණුව සඳහා ධනාත්මක පරිසරයක් උරුම කරදීම දෙමාපිය , ඥාති මිත්‍රාදීන්ගේ වගකිමයි.  මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරිමේ පුහුණූ වැඩමුළුවක් මිගමුව , කුඩාපාඩුව මාතෘ සායන ශාලාවේදි පැවැත්විණී.

මේ සඳහා මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරි , කුඩාපාඩුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි සහ කුඩාපාඩුව නාගරික පෙර පාසැලේ ප්‍රධානාචාර්යතුමිය සම්පත් දායකත්වය ලබාදුන් අතර , මුල් ළමාවිය දරුවන්ගේ දෙමව්පියන් විශාල පිරිසක් මේ සඳහා සක්‍රීයව සහභාගි විය.

මෙම වැඩමුළුව මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කර තිබුණී.

MUL5  MUL  MUL1

 

MUL2  MUL3  MUL4

 

News & Events

28
Oct2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට,...

21
Oct2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top