මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්කතැම්බර් මස 18 වන  දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී.

ඒ අනුව සුභසාධන හා සහන සේවා: අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටලු නිරාකරණය, වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගාධාර කටයුතු සම්පාදනය, ජනාධිපති අරමුදල් ආධාර අයදුම්පත් යොමු කිරීම, ආපදා සහන සේවා, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා සමාජ සේවා කටයුතු,  රැකියා හා ව්‍යාපාර සංවර්ධනය: විශේෂ රැකියා පොළක් පැවැත්වීම, වෘත්තීය මාර්ගෝපදේශනය, උසස් අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීම, ක්ෂුද්‍ර ව්‍යාපාර සංවර්ධන උපදේශනය සහ ව්‍යාපාර නාම ලියාපදිංචිය, ලියාපදිංචි කිරීම් හා ලේඛන සේවා:  ජාතික උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම, ජාතික හැඳුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් සෑදීමේ රාජකාරි, හෝම්යෝපති වෛද්‍ය සායනය , ඉඩම්, ධීවර හා උපදේශන සේවා:  රජයේ ඉඩම් ගැටලු විසඳීම, ධීවරයන් ලියාපදිංචිය, ධීවර හැඳුනුම්පත් සැකසීම, මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම මෙන්ම ළමා හිමිකම්, මානසික සෞඛ්‍ය උපදේශනය, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම, නීති ආධාර , ණය සහන මණ්ඩල දැනුවත් කිරීම් හා සමථ මණ්ඩල සේවාවන්ද මීට අමතරව පොල් සංවර්ධන මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය, කලාප අධ්‍යාපන කාර්යාලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව,  මීගමුව පොලීසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක සේවාවන් ද, මහජන සෞඛ්‍ය සුවතාව වෙනුවෙන් පවත්වන ලද විශේෂ ආයුර්වේද සෞඛ්‍ය සායනය හා නොමිලේ ඇස් කන්නාඩි සඳහා පරීක්ෂාවද එකම ස්ථානයකින් ජනතාව වෙත සපයන ලදී.

මෙම විශේෂිත ජංගම සේවා වැඩසටහන සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු  ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපතිතුමා, උප නගරාධිපතිතුමා,දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මිය ඇතුළු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය , රාජ්‍ය  ආයතන වල නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් අතිවිශාල පිරිසක් සහභාගී වූහ.

වැඩසටහන අවසානයේදී, තමන්ගේ අවශ්‍යතාවයන් සාර්ථකව ඉටු කරගෙන නික්ම ගිය සෑම ජනතාවක් වෙතම පරිසර සුරක්ෂිතතාව සංකේතවත් කරමින් පුවක් පැළයක් බැගින් තිළිණ කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු කළ අතර, අර්ථපූර්ණ මතකයන් රැසක් ඉතිරි කරමින් මෙම 9 වන ජංගම සේවා වැඩසටහන අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය.

SEPJAN SEPJAN5  SEPJAN7

SEPJAN8  SEPJAN6 SEPJAN2

SEPJAN1  SEPJAN9  SEPJAN10

SEPJAN11 SEPJAN12 SEPJAN3

News & Events

22
Sep2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ ...

21
Sep2026
“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා...

Scroll To Top