අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

28
ඔක්2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට, කුස තුළ සිටින දරුවාගේ ශාරීරික, මානසික සහ බුද්ධිමය සංවර්ධනයට කෙළින්ම බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව ද තහවුරු වී තිබෙන සත්‍යයකි. මේ පිළිබඳව ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 21 වන දින උඩයාර්තොප්පුව ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.  මෙම වැඩසටහන  මීගමුව ප්‍රාදේශිය...

21
ඔක්2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව වැඩිහිටි බලමණ්ඩලය සහ හෙල්ප් ඒජ් (HelpAge) ආයතනය එක්ව සංවිධානය කළ "මීපුර වැඩිහිටි මහෝත්සවය"  2026 ඔක්තෝබර් මස16 වැනි දින මීගමුව රුක්මණී දේවී රංග ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන වර්ණවත්...

16
ඔක්2026
ගම් මැද්දේ රස මීවිත

ගම් මැද්දේ රස මීවිත

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ  දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය  ලබාදුන්  අතර සහකාර ප්‍රාදේශීය...

16
ඔක්2026
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

 "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින  තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  මහත්මියගේ  උපදෙස් හා මගපෙන්වීම...

16
ඔක්2026
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත.  ඒ අනුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ...

16
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 2025 / 2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ජයග්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් 07 වන දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...

15
ඔක්2026
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නිවාස 02...

01
ඔක්2026
“ කලා කෙතේ රන් අස්වනු”- 2026

“ කලා කෙතේ රන් අස්වනු”- 2026

 මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලංකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්‍ය ක්‍රිඩා අමාත්‍ය ගරු...

29
සැප්2026
සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගෙන  මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association - NTA) සංචාරක කර්මාන්තයට නව ප්‍රාණයක් ලබා දෙමින් 2026 සැප්තැම්බර් මස 27 වන දින සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි  " බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් " ( "Banyan by Sentido HERITANCE" )...

28
සැප්2026
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.  මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික්...

22
සැප්2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ  "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්,  "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට...

21
සැප්2026
“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන  දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී....

21
සැප්2026
පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම  කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි.  මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17...

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද  අතර අල්පලාහ්...

There are no Nanasala Branch in Negombo

ද්‍රම්රිය ස්ථානය ලිපිනය දුරකතන අංකය
මීගමුව දුම්රිය ස්ථානය මීගමුව +94 312 222 271
කොච්චිකඩේ දුම්රිය ස්ථානය කොච්චිකඩේ +94 312 272 274
තැපැල් කාර්යාලෙය් නම ලිපිනය දුරකතන අංකය
මීගමුව තැපැල් කාර්යාලය මහ වීදිය, මීගමුව +94 312 223 800
පෙරියමුල්ල උප තැපැල් කාර්යාලය    
කට්ටුව උප තැපැල් කාර්යාලය    
දළුපත උප තැපැල් කාර්යාලය    
කුරණ - බෝලවලාන උප තැපැල් කාර්යාලය    
මුන්නක්කරය උප තැපැල් කාර්යාලය    
පිටිපන උප තැපැල් කාර්යාලය    
තලාහේන උප තැපැල් කාර්යාලය    
තෙල්වත්ත උප තැපැල් කාර්යාලය    
දූව උප තැපැල් කාර්යාලය    
දුංගාල්පිටිය උප තැපැල් කාර්යාලය    
එත්තුකාල උප තැපැල් කාර්යාලය    
එත්තුකාල උප තැපැල් කාර්යාලය    

පාසලේ නම

ලිපිනය

දුරකතන අංකය

දළුපත මහා විදුහල

දළුපත

+94 312 234 746

දළුපත ප්‍රාථමික  විදුහල

දළුපත

+94 776 387 887

සාන්ත සිල්වෙස්ටර් සිංහල මිශ්‍ර විදුහල

ඒත්තුකාල

+94 775 997 825

කුඩාපාඩුව  සිංහල මිශ්‍ර විදුහල

කුඩාපාඩුව

+94 314 909 518

ලොයෙලා විදුහල

දළුවකොටුව

+94 312 277 258

සාන්ත අනා මහ විදුහල

දළුවකොටුව

+94 312 276 315

සාන්ත ප්‍රැන්සිස් සාලෙස් ක.ද්වි.විදුහල

කට්ටුව

+94 776 696 237

පළගතුරය සිංහල මිශ්‍ර විදුහල

පළගතුරය

+94 718 375 874

අල්ෆලාල්  මහ විදුහල                  

පෝරුතොට

+94 312 277 021

දුවන සිංහල මිශ්‍ර විදුහල

පල්ලන්සේන

+94 3114 926 056

කොච්චිකඩේ  මහ විදුහල - නවෝද්‍ය

කොච්චිකඩේ

+94 312 279 164

සා.අන්තෝනි ප්‍රාථමික විදුහල

මුන්නක්කරය

 

සා.මරියා මහා විදුහල

මීගමුව

+94 312 222 594

නිව්ස්ටඩ් බාලිකා මහා විදුහල (ජා.ප)

මීගමුව

+94 312 222 122

සා.නිකුලා   ප්‍රාථමික විදුහල

මුන්නක්කරය

+94 313 616 128

බෝලවලාන නිමල මරියා මහා විදුහල

බෝලවලාන

+94 312 234 903

සා.අනා මහා විදුහල

කුරණ

+94 312 239 878

විජයරත්නම් හින්දි මධ්‍ය මහා විදුහල 

වැල්ලවිදිය

+94 312 237 047

සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය

වැල්ලවිදිය

+94 312 225 738

අවේ මරියා කන්‍යාරාම විදුහල (පෞ.පා)

මිගමුව

+94 312 227 747

අල්හිලාල් මධ්‍ය මහා විදුහල

පෙරියමුල්ල

+94 312 238 077

හරිස්චන්ද්‍ර මහා විදුහල (ජා.පා)

මිගමුව

+94 312 220 997

සා.ජෝසප් විදුහල

මිගමුව

+94 313 619 533

තිල්ලන්දුව කණිෂ්ඨ ද්විතිය විදුහල

මිගමුව

+94 724 114 723

අසිරිමත් දේවමාතා මහ විදුහල

මිගමුව

+94 312 222 625

විද්‍යාලංකාර  මහා විද්‍යලය

අගුරැකාරමුල්ල

+94 312 231 429

මරිස්ටෙලා විදුහල (පෞ.පා)

මිගමුව

+94 312 222 8225

ශ්‍රී මේධංකර පිරිවෙන

අගුරැකාරමුල්ල

+94 312 222 740

බසියාවත්ත කණිෂ්ඨ ද්විතිය විදුහල

බසියාවත්ත

 

පිටිපන මහා විදුහල

පිටිපන

+94 313 719 661

දූව ප්‍රාථමික  විදුහල

දූව

+94 312 223 828

තලාහේන  මහ විදුහල

තලාහේන

+94 312 227 911

කැපුන්ගොඩ  සාන්ත අන්තෝනි විදුහල

කැපුන්ගොඩ

+94 771 129 898

දුංගාල්පිටිය  කණ්ෂ්ඨ ද්විතීය විදුහල

දුංගාල්පිටිය

+94 775 285 017

ශා. ආනා ප්‍රාතමික විදුහල

දළුවකොටුව

 

ශා. පීතර විදුහල

මිගමුව

 

Scroll To Top