ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....
ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට, කුස තුළ සිටින දරුවාගේ ශාරීරික, මානසික සහ බුද්ධිමය සංවර්ධනයට කෙළින්ම බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව ද තහවුරු වී තිබෙන සත්‍යයකි. මේ පිළිබඳව ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 21 වන දින උඩයාර්තොප්පුව ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි. මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශිය...
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026
ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව වැඩිහිටි බලමණ්ඩලය සහ හෙල්ප් ඒජ් (HelpAge) ආයතනය එක්ව සංවිධානය කළ "මීපුර වැඩිහිටි මහෝත්සවය" 2026 ඔක්තෝබර් මස16 වැනි දින මීගමුව රුක්මණී දේවී රංග ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන වර්ණවත්...
ගම් මැද්දේ රස මීවිත
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය ලබාදුන් අතර සහකාර ප්‍රාදේශීය...
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026
"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම...
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම
රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ...
ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 2025 / 2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ජයග්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් 07 වන දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...
ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නිවාස 02...
“ කලා කෙතේ රන් අස්වනු”- 2026
මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලංකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්‍ය ක්‍රිඩා අමාත්‍ය ගරු...
සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..
සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගෙන මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association - NTA) සංචාරක කර්මාන්තයට නව ප්‍රාණයක් ලබා දෙමින් 2026 සැප්තැම්බර් මස 27 වන දින සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි " බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් " ( "Banyan by Sentido HERITANCE" )...
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි. මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික්...
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන
"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්, "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට...
“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර
මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී....
පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !
චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි. මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17...
මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල් ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන
මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර අල්පලාහ්...
රාජ්‍ය සේවා ස්ථාන
Top Menu
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගර්භණී හා කිරි මෙන මව්වරුන්ට පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම සඳහා රු .4500/ - දී මනාවක් ලබා දී මේ වැඩසටහන - 2024
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන්නන් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම් පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB] - සුභසාධක ප්රතිලාභ ගෙවීම් ලැබීම පිණිස ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ අයදුම්පත (3.38MB)
- ග්‍රාමීය කාන්තා සංවර්ධන පුහුණු පාඨමාලාව- 2023 (PDF - 424KB)
- රෝදපුටු භාවිතාකරන තැනැත්තන් සඳහා වැසිකිළි ආධාර ලබා දීම. (PDF- 150KB)
- විදේශයන්හි සිදුවන මරණ පිළිබඳ දැණුම්දීමේ පැමිණිළි පත්‍රය. ( PDF- 274 KB)
- ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
- පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව - මාළිඟාවත්ත
- ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
- සමාගම් මැදුර
- කොළඹ මහ නගර සභාව
- බස්නාහිර පළාත් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
- බස්නාහිර කලාප කාර්යාලය - දෙල්කද
- මධ්‍යම ලේඛනාගාරය - මාළිඟාවත්ත
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
ආයතන අංශය
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
- ගුණසිංහපුර පැත්තෙන් හෝ ගෑස්පහ හන්දිය පැත්තෙන් පිටකොටුවට ඇවිත් වේල්ල වීදිය පාරට පැමිණ වේල්ල වීදිය පොලීසියත් සමඟ ඇති ගොඩනැගිල්ල කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේ.
ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම
- මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 35 සඳහා ග්‍රාම නිලධාරී අංක නොමැත.
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.
මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
- අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
- වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
- ජාතික හැදුනුම්පත.
සමාජ සේවා අංශය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.
අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?
- දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?
- දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
- මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.
අනු-ප්‍රවර්ගයන්
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk


























