විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන "රටම එකට ජාතික මෙහෙයුම"  සමාරම්භක වැඩසටහන 2025.10.30 දින පෙ.ව.10.00 සිට ප.ව.12.00 දක්වා පවත්වන ලදි.   එම අවස්ථාවේදී එම වැඩසටහන සමග සම්බන්ධවී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්  ප්‍රතිඥාව ලබාදීම සිදුකරන ලදි. 

quit   quit1  quit2

 

ඔක්තෝම්බර් 01 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ  මගපෙන්වීමෙන්  කාර්යාලයේ සමාජසේවා ඒකකය හා වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "මීපුර වැඩිහිටි මහෝත්සවය" 2025 ඔත්තෝබර් මස  07 වන  දින මීගමුව වැල්ලවීදිය තරුණ හින්දු සංස්කෘතික ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 

එම අවස්ථාවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා,  මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව බන්ධනාගාර අධිකාරි ජීවක ඉන්ද්‍රජිත් මහතා, මීගමුව සංචාරක සංගමයේ සභාපති  ඒ.වර්ණකුමාර මහතා ඇතුළු ආරාධිත අමුත්තන්  ⁣මෙන්ම වැඩහිටියන් රැසක් ද සහභාගී විය.

⁣එහිදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වැඩිහිටි සමිති නියෝජනය කරමින් පැමිණී වැඩිහිටි සාමාජික සාමාජිකාවන් විසින් ඔවුන්ගේ දක්ෂතා එලිදක්වමින්  නර්තන ගායන සහ නාට්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන ලද අතර වැඩිහිටි බල මණ්ඩලයේ අරමුදල වෙනුවෙන් ලොතරැයි දිණුම් හිමි ජයග්‍රාහකයන් තෝරා ගැනීමද එම අවස්ථාවේ සිදුකරන ලදි. 

old3 old32 old2  

old23  old6  old26

old9  old31  old33




මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සාහිත්‍ය කලා මහෝත්සවය ” කලා කෙතේ රන් අස්වනු ” නමින් 2025 සැප්තැම්බර් මස 26 වන දින නිවුස්ටෙඩ් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සර්වාගමික පුජකවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්වුණි.

මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ගරු නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය හා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සුගත් තිලකරත්න මැතිතුමා සහ මීගමුව ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා ,කටාන සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුෂ ද සිල්වා මහතා, නිවුස්ටෙඩ් විද්‍යාලයේ විදුහල්පති උදයංගි දෙහිවත්ත මහත්මිය , කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වු අතර ප්‍රදේශයේ කලායතන දරුදැරියන් විසින් විවිධ නර්තනාංගයන්ගෙන් උත්සව අවස්ථාව වර්ණවත් විය. මෙහි ප්‍රධාන දේශනය සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශාන්ත පීරිස් මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරන ලදි.

එහිදි සිංහල ,ඉංග්‍රීසි හා දමිල භාෂා  මාධ්‍ය  තුනෙන්ම පාසැල් හා විවෘත අංශය වශයෙන් පැවැත්වූ  මී පුර කලාකලරුවන්ගේ සහ පාසැල් දූ දරුවන්ගේ නිර්මාණ කුසලතා වලින් ජය ගත් ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් හට සහතිකපත් හා ත්‍යාග  ලබාදිම ද සිදුවිය.

    cul6  cul11  cul3

cul4   cul5  cul7

cul1  cul2 cul12

 cul10cul8  cul9  

 

 

 

 

මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ළමා හා කාන්තා ඒකකය  ඇතුළු කාර්ය මණ්ලඩය විසින් ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදී තිබුණ  ළමාදිනය නිමිත්තෙන් ළමා සැමරුම්  උත්සවයක් මීගමුවේ කඩොල්කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලදි.  මෙම උත්සවයට මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  පෙර පාසල් 42 ක  1200 කට වැඩි දරු දැරියන්  පිරිසක් සහභාගි වූහ.

මෙම ලෝක ළමා දින සැමරුම් උත්සවයට ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු සභාපති සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා , මීගමුව  පොලිස් ස්ථානයේ, ළමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපති ,නිලන්ති රත්නායක මහත්මිය, මීගමුව වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් පෙරේරා මහතා , මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා  ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගි වන ලදි.

මේ උත්සවය සඳහා සහභාගි වූ සියලුම දරු දැරියන් වෙනුවෙන් නැටුම් ගැයුම්, අංග කිහිපයකින් වර්ණවත් වුණ අතර කතන්දර නැන්දා සහ සුටීන්-මා(ර්)ටින් යන විනෝදාස්වාද අංගයන් කිහිපයක්ද  ඉදිරිපත් කර තිබු බැවින් කුඩා දරු දැරියන්  බොහෝම නිදහසින් නටමින් ගයමින් විනෝද වූහ.
.
ඒ සඳහා ඇට්ලස් ආයතනය ඇතුළු තවත් අනුග්‍රහක භවතුන් කීහිපදෙනෙකු  සහාය දක්වා තිබූ අතර  අවසානයේ සහභාගි වූ සියලුම දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමක්ද සිදුවිය.

loka  loka1  loka7

loka3  loka4  loka5

loka8   loka2  loka6

මීගමුව තාරුණ්‍යයේ ක්‍රීඩාවේ හෙට දවස ශක්තිමත් කිරීම සදහා 35 වෙනි ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති මීගමුව ප්‍රාදේශිය ක්‍රීඩා උළෙල 2025 සැප්තැම්බර් මස 21 වන දින අති උත්කර්ෂවත් අන්දමින් මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.


එම අවස්ථාව මීගමුව  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ,ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මේනක බාලසූරිය මහතා , මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා  නාගරික මන්ත්‍රී මණ්ඩලය ,  ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි සන්ධ්‍ය සමන් මඩපාත මහත්මිය ,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික ලේකම් මිථින ගිහාන් ප්‍රියසාද් තරුණ නායකයා ,ක්‍රීඩා පුහුණු කරුවන් , දෙමාපියන් හා  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  සහාභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්විණි.

spor1  spor6  spor8

spor2  spor4  spor3

spor5  spor7  spor9

spor10     spor11

News & Events

28
அக்2026
ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී මාතාවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්....

ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට,...

21
அக்2026
මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

මීපුර වැඩිහිටි මහෝත්සවය - 2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම්...

குடியுரிமை சாசனம்

Scroll To Top