“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වෙරළ තීර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258 ක් පවිත්‍ර කිරීම සිදු කරන අතර එම ව්‍යාපෘතියට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර ක්‍රියාත්මක කළ මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන අනුව සමාජ වගවීම, පරිසර සංරක්ෂණය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ මූලික පරමාර්ථයෙන්, මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලය අසලින් වෙරළ පිරිසිදු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ජූලි 29 දින පෙ.ව. 7.00 ට මීගමුවේදී ආරම්භ කරන ලදී.
එහිදී මීගමු වෙරළ තීරය මීගමුව කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා කිලෝමීටර 9.1 ක ප්‍රමාණයක්, කණ්ඩායම් 12ක් යොදා පිරිසිදු කෙරිණ.මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර මහතා, 141 පාබල බල සේනාධිපති, බ්‍රිගේඩියර් රොෂාන් ධර්ම වික්‍රම, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි මහත්මිය, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ අතර , මෙම කර්තව්‍යයට ජනාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, පරිසර සංවිධාන, ප්‍රජා මූල සංවිධාන, මීගමුව මහ නගර සභාව, සංචාරක හෝටල් සංගමය,වෙළඳ සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගන්නා ලදී.
,ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධීකරණය වනු ඇත “ Clean Sri Lanka ” ජාතික වැඩසටහන යටතේ “ පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ” වෙරළ තීර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අනුව සමාජ වගවීම, පරිසර සංරක්ෂණය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ මූලික පරමාර්ථයෙන්, ජූලි 29 වන දින දිවයින පුරා වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258 ක් පවිත්‍ර කිරීම සිදු කරන අතර ඊට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ලෙස මීගමුව වෙරළ තීරය පවිත්‍ර කිරිම “බ්‍රවුන්ස් බීච්” අසලින් පෙරවරු 7.00 ට ආරම්භ කෙරේ. ඒ් අනුව මීගමු වෙරළ තීරය මීගමුව කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා කිලෝමීටර 9.1 ක ප්‍රමාණයක්, කණ්ඩායම් 12ක් යොදා පිරිසිදු කිරීම සිදු කෙරේ. මේ සඳහා ජනාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, පරිසර සංවිධාන, ප්‍රජා මූල සංවිධාන, මීගමුව මහ නගර සභාව, සංචාරක හෝටල් සංගමය,වෙළඳ සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධීකරණය වනු ඇත.


























