1. සමෘද්ධි සහනාධාරය ලබාදීම
| සමෘද්ධි කලාපය |
420 සහනාධාර |
පුජ්‍ය පක්ෂය |
වැඩිහිටි නිවාසය |
ළමා නිවාස |
අබාධිත නිවාස |
1500 සහනාධාර |
2500 සහනාධාර |
3500 සහනාධාර |
මුළු ගණන |
|
පිටිපන |
85 |
̅ |
̅ |
14 |
̅ |
1475 |
668 |
1599 |
3841 |
|
මීගමුව |
50 |
37 |
19 |
85 |
̅ |
712 |
325 |
672 |
1900 |
|
පළගතුරය |
18 |
02 |
̅ |
̅ |
̅ |
1465 |
528 |
1045 |
3058 |
2. සමෘද්ධි පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන
මේ යටතේ කලාප තුනෙන් පවුල් 360ක් 2020දි සවිබල ගන්වා සහනාධාර ප්‍රවාහයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිලාභින් සංඛ්‍යාව පහත සදහන් පරිදි වේ.
|
පිටිපන කලාපයේ සවිබල ගැන්වීමට නියමිත සහනාධාර ලබන පවුල් |
277 |
|
මීගමුව කලාපයේ සවිබල ගැන්වීමට නියමිත සහනාධාර ලබන පවුල් |
43 |
|
පළගතුරය කලාපයේ සවිබල ගැන්වීමට නියමිත සහනාධාර ලබන පවුල් |
90 |
|
මුළු ප්‍රමාණය |
360 |
එයින්,
|
පළගතුරය |
පිටිපන |
මීගමුව |
එකතුව |
|
|
සමෘද්ධි බැංකු ණය ලබාදිමෙන් |
166 |
208 |
96 |
470 |
|
චක්‍රීය ණය ලබාදීමෙන් |
13 |
13 |
13 |
39 |
|
ජීවනෝපාය අරුණළු වැඩසටහන මගින් |
34 |
16 |
21 |
71 |
|
එකතුව |
213 |
237 |
130 |
580 |
3. ජීවනෝපාය අරුණළු සංවර්ධන වැඩ සටහන (සමෘද්ධි සවිබල ගැන්විමේ වැඩ සටහනට සමගාමීව)
|
කර්මාන්ත අංශයෙන් |
44 |
රු.1,838,850/= |
|
ධීවර අංශයෙන් |
06 |
රු.264,000/= |
|
අගෙවි අංශයෙන් |
19 |
රු.763,200/= |
|
සේවා අංශයෙන් |
02 |
රු.88,650/= |
|
එකතුව |
71 |
රු.2,954,700/= |
4. ජීවනෝපාය අලෙවි සංවර්ධන වැඩසටහන
- අලෙවි ව්‍යාපෘතිලාභින් 04 දෙනෙකු සදහා -රු.200,000/=
5. 2018 වර්ෂයේ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය
163 බී දුන්ගාල්පිටිය වසම මල් ගම්මානය සදහා තෝරාගෙන ඇත.
එහි සමෘද්ධි ප්‍රතිලාභින් හා අඩු ආදායම්ලාභින් 96 දෙනෙකු සදහා (මල් වගා කටයුතුවල නිරත වන අයට) ප්‍රාග්ධන උපකරණ සැපයීම සදහා රු.2,930,000/= ක ප්‍රතිපාදන ලබාදෙනු ඇත.
6. ගෙවතු වගා වැඩ සටහන.
- 2020දි සවිබල ගැන්වීම සදහා තෝරාගත් පවුල් 360දෙනා සදහා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- ඊට අමතරව ගෙවතු වගාව සදහා කලාප තුනෙන්ම තෝරාගත් ගෙවතු වගාව කරන ප්‍රතිලාභින්වද මේ යටතට ගනුලැබේ.
පිටිපන - 45
මීගමුව - 31
පළගතුරය - 155
එකතුව - 231
7. සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන
මේ යටතේ සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල 2016 වර්ෂයේ අ.පො.සා.පෙළ විභාගය සමත් දරුවන් 44දෙනෙකු සදහා රු.1500/=ක් ඉදිරි වර්ෂ 2ක් සදහා ශිෂ්‍යත්ව ලබාදිමට නියමිතය.
8. සමෘද්ධි දිරිය පියස නිවාස ඉදි කිරීම
2018 වර්ෂයට රු.200,000/=නිවාස 3ක් ඉදිකිරීමට නියමිතය. පිටිපන,මීගමුව හා පළගතුරය කලාප නියෝජනය වන පරිදි වේ.
9. 2022 සෞභාග්‍යා නිවාස වැඩසටහන
- රු. 600,000/- ක් වටිනා නිවාස 03 ක්
- රු. 225,000/- ක් වටිනා නිවාස 03 ක්
- රු. 125,000/- ක් වටිනා නිවාස 01 ක්
පිටිපන , මීගමුව හා පළඟතුරය කලාප නියෝජනය වන පරිදි ඉදිකිරීමට නියමිතය.
සැලසුම් අංශය මගින් ක්‍රියාත්මක වන ව්‍යෘපෘති - 2026
පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් රජයේ ප්‍රතිපත්තියට අනුව පොහොසත්විම යනු ආර්ථිකමය වශයෙන් ශක්තිමත්විම පමණක් නොවන අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, යහපත් ජීවන තත්වය සහ ආකල්පමය වශයෙන්ද ශක්තිමත් වීම තුලින් ප්‍රද්ගල පෞරුෂයේ වර්ධනය රටේ ආර්ථික සංවර්ධනය හා බද්ධ වෙමින් ජිවන මට්ටම උසස් තත්වයකට පත්කිරිම මෙහි අරමුණ වේ.
ප්‍රජාශක්ති දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධනය , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා පහත මුලධර්ම මත පදනම්ව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
මූලධර්ම
- සමාජ සහයෝගිතාව
- සමාජ සවිබලගැන්විම
- ජීවන දක්‍රය මත පදනම් වූ ප්‍රවේශය
- සමාජ සාධාරනත්වය සහ කිසිවෙකු අත්නොහැරීම
- සමාජ අන්තර්කරණය
- සහභාගීත්ව ප්‍රවේශය
අරමුණූ
- දිළිඳුබව තුරන් කිරීමේ වැඩසටහන් සඳහා ජාතික මට්ටමේ සහභාගිවයක් ලබාදීම.
- දිළිඳුබව තුරන් කිරීමේ ව්‍යාපෘත් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන කේන්ද්‍රීය සංවිධාන ව්‍යුහයක් ස්ථාපනය කිරිම.
- ජනතාවගේ සක්‍රීය සහභාගිත්වයෙන් ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය වන ලෙස සංවර්ධන යෝජනා සකස් කිරීම.
- උචිතසංවර්ධන යෝජනා හඳුනා ගැනිම සඳහා මහජනතාව බලගැන්වීම.
- ඒකාබද්ධ වැඩපිළිවෙලක් ඔස්සේ සංවර්ධන ක්‍රියාවලිය කාර්යක්ෂම සහ සඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිම.
- මුලික පහසුකම්, යටිතල පහසුකම් සහ සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම.
- සියළු සංවර්ධන කාර්යයන්හිදී තිරසරභාවය සහතික කිරිම සහ පරිසරය ආරක්ෂා කිරීම.
- මැදිහත්කරණය තුලින් සමාජ ගැටළු අවම කිරිම.
- ආන්තික සහ අවදානම් ප්‍රජාව සඳහා රැකවරණය සලසා දීම.
- දිළිඳු ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම.



















