මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් සංවිධානය කර පැවැත් වූ රැකියා පොළ 2025 සැප්තැම්බර් මස 03 වන දින මීගමුව උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලාවේදි පැවැත්විණි.
මෙහිදී රැකියා වෙළඳ පොලේ පවතින රැකියා අවස්ථා සඳහා එම රැකියාවලට ගැලපෙන පරිදි සුදුසුකම් ලබාගැනීමට හා අපේක්ෂිත රැකියාව සඳහා අධ්‍යාපන සුදුසුකම් ගලපා ගැනීම සම්බන්ධව දැණුවත් කල අතර මෙම අවස්ථාවට ආයතන 12 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙන්ම රැකියා අපේක්ෂිත තරැණ තරැණියන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගි විය.

ආබාධිත ප්‍රජාව සාමාජිකත්වය දරන මීගමුව ස්වශක්ති සංවිධානයේ වාර්ෂික විනෝද චාරිකාව 2025 අගෝස්තු මස 30 වන දින පින්නවල එළිමහන් සත්වෝද්යනයෙහි හා පේරාදෙණිය උද්භිද උද්‍යානයෙහි සංචාරය කරන ලදී. එයට ආබාධිත ප්‍රජාව සහ භාරකරුවන් 84 දෙනෙක් සහභාගී වූ අතර චාරිකාව සඳහා වියදම දරන ලද්දේ ඔවුන්ගේම සංවිධානය වන ස්වශක්ති සංවිධානය විසිනි .

Clean Sri Lanka වැඩසටහනට සමගාමිව මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීමෙන් ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා විද්‍යා ආයතනයේ කථිකාචාර්ය ඥානපාල මහතාගේ සම්පත්දායකත්වයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින් සදහා ශරීර සුවතා වැඩසටහනක් සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් මීගමුව කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදි 2025 අගෝස්තු මස 23 වන දින පැවැත්විණි.


මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ සමෘද්ධි අංශය හා කුඩා ව්‍යාපාර අංශය එක්ව අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සදහා 2025 සැප්තැම්බර් මස 02 වැනි දින පෙ.ව.9.00 ට දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව මහවීදිය දේවස්ථාන ශාලාවේදී පැවැත්විය. ඒ සදහා ප්‍රතිලාභීන් 800 ක් පමණ සහභාගිවු අතර සම්පත් දායකත්වය ප්‍රාදේශීය ලේකම්තුමිය , කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී හා සමෘද්ධි කලමණාකරු විසින් ලබා දෙන ලදි.


කලපු ආශ්රිත සංචාරක කර්මාන්තයේ යෙදෙන යාත්‍රා හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අගෝස්තු මස 19 වන දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මගපෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.





















