ගම්පහ දිස්ත්‍රික් ළමා සභා යෝජනාවකට අනුව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිණිස පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පා ගමනක් 2025 ජූලි මස 16 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.
මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අතර අනුග්‍රාහකත්වය Peace ආයතනය මගින් සිදු කරන ලදී. මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ළමා සමාජ දරුවන් 500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් පවත්වන ලදී. ළමා අපයෝජනය, අන්තර්ජාල අවභාවිතාව පිලිබද දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලයේදි පැවැත්වීමෙන් අනතුරුව මිගමුව නගර මධ්‍ය කරා ප්‍රජාව දැනුවත් කරමින් පාගමන සිදු කරන ලද අතර විදී නාට්‍ය සංදර්ශන මගින්ද ළමා අයිතිවාසිකම් පිලිබදව ප්‍රජාව දැනුවත් කරන ලදී.



Clean Sri Lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි මහත්මියගේ මග පෙන්වීමෙන් ළමා හා කාන්තා ඒකකය හා සංස්කෘතික අංශය මගින් සංවිධානය කරනු ලැබූ, පෙර පාසල් දරුවන් හා දෙමාපියන් සඳහා වූ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හා සෞන්දර්ය වැඩමුළුවක් 2025 අගෝස්තු මස 26 දින මීගමුව දුන්ගල්පිටිය දොන් බොස්කෝ පරිශ්‍රයේදී පැවැත්විණි.
මිනිස් ජීවිතයේ ඉතාම වැදගත් හා සංවේදීම කාලපරිච්ඡේදය මුල් ළමාවිය අවධියයි. මුල් වසර පහක කාලයක් තුළ ලදරුවාගේ කායික, මානසික, සමාජීය හා චිත්තවේගමය දියුණුව සඳහා ධනාත්මක පරිසරයක් උරුම කරදීම දෙමාපිය, ඥාති මිත්‍රාදීන්ගේ වගකීමයි. මේ පිළිබඳව සහ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණු අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය, ළමා ආරක්ෂණ නිලධාරී සහනි මල්ලව ආරච්චි මහත්මිය, සංස්කෘතික නිලධාරී දිලූෂා ප්‍රනාන්දු මහත්මිය හා ආයුර්වේද සංවර්ධන නිලධාරී එරන්දි වීරකෝන් මහත්මිය විසින් ලබා දෙන ලදී.
මේ සඳහා දොන් බොස්කෝ පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු දරුවන් හා දෙමාපියන් සියයක් පමණ සහභාගි විය.


Clean Sri Lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ " පෙර පාසල් දරුවන්ගේ හා ගුරුවරුන්ගේ මානසික සෞඛ්‍යය නංවාලීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2025.08.07 දින මීගමුව "ද හෙල්පින් හෑන්ඩ්" රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ද හෙල්පින් හෑන්ඩ් රෝහලේ අධ්‍යක්ෂක හා ජේෂ්ඨ මනෝචිකිත්සක තාරු පරණවිතාන මහත්මිය හා කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසින් ලබාදෙන ලද අතර මේ සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය, සංස්කෘතික නිලධාරී දිලූෂා ප්‍රනාන්දු හා ගයානි වේරපිටිය මහත්මිය, ආයුර්වේද සංවර්ධන නිලධාරී එරන්දි වීරකෝන් මහත්මිය ඇතුළු මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් 130 ක් පමණ සහභාගි විය.


ස්ථීර නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටි මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් ආධාර ලාභීන් 7 දෙනෙකු සදහා නව නිවාස වල ඉදිකිරීම් ආරම්භ කරමින් මුල් ගල් තැබීම 2025 අගෝස්තු මස 20 වන දින සිදු කරන ලදි.
ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී දරුපවුල් සදහා ස්ථීර නිවසක් ලබා දීමේ අරමුණින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක " සැමට නිවහන 2025 - නිවාස අධාර වැඩසටහන " යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 6 ක ඉදිකිරීම් ආරම්භ කිරීම 2025 අගෝස්තු මස 03 වන දින ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් තුමිය, නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කළමනාකාරතුමිය හා නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මේ අවස්ථාව සදහා නිවාස නිලධාරි , ග්‍රාම නිලධාරීන් , සංවර්ධන නිලධාරින්, සමෘද්ධී නිලධාරින් මෙන්ම කොට්ඨාශ සභා නායකයන්, මන්ත්‍රීන් ඇතුළු දේශපාලන නායකයින්ද සහභාගි විය. මේ වන විටත් තවත් නිවාස 3 ක ඉදිකිරීම් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සිදු වෙමින් පවති.
- 156 මුන්නක්කරය ග්‍රා.නි.වසමේ කුසල් නිශාන්ත මහතාගේ නිවසේ මුල් ගල් තැබීම.

- 73/B කුඩාපාඩුව ග්‍රා.නි.වසමේ W.ඉශානා දිලිනි මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

- 75/A පළගතුරය ග්‍රා.නි.වසමේ W.C.ඈන් රීටා සිල්වා මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

- 75/A පළගතුරය ග්‍රා නි වසමේ W .නිලූකා වසන්ති මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

- 77 කම්මල්තර ග්‍රා නි.වසමේ W.වාසනා මදුශානි මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

- 77 උතුරු පල්ලන්සේන ග්‍රා නි වසමේ සෙල්වකුමාර් විජයකුමාර් මහතාගේ නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරීම.





















