බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාරතමේන්තුව මඟින් සංවිධානය කල ආයුර්වේද සබන් සෑදීම සහ රූපලාවන්‍ය පුහුණූ වැඩසටහන ආයුර්වේද වෛද්‍ය සඳමාලිී සේනානායක මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2025.07.31 දින මීගමුව ග්‍රාමීය කාන්තා පුහුණූ මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.


“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වෙරළ තීර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258 ක් පවිත්‍ර කිරීම සිදු කරන අතර එම ව්‍යාපෘතියට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර ක්‍රියාත්මක කළ මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලය අසලින් ජූලි 29 දින පෙ.ව. 7.00 ට ආරම්භ කරන ලදී.
සමාජ වගවීම, පරිසර සංරක්ෂණය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම එහි මූලික පරමාර්ථය වූ අතර මීගමුව කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා කිලෝමීටර 9.1 ක ප්‍රමාණයක්, කණ්ඩායම් 12ක් යොදා පිරිසිදු කෙරිණ. මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර මහතා, 141 පාබල බල සේනාධිපති, බ්‍රිගේඩියර් රොෂාන් ධර්ම වික්‍රම මහතා , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ අතර , මෙම කර්තව්‍යයට ජනාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, පරිසර සංවිධාන, ප්‍රජා මූල සංවිධාන, මීගමුව මහ නගර සභාව, සංචාරක හෝටල් සංගමය, වෙළඳ සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගන්නා ලදී.



මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපාර සඳහා " ගිණුම් තැබීමේ වැඩසටහන " ව්‍යවසායකයින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ජූලි 15 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි සාර්ථකව පැවැත්විණි.
මේ සඳහා සම්පත් දායකත්වය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි නාලිකා මුණවීර මහත්මිය විසින් ලබාදෙන ලදි.


Clean Sri Lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් සංස්කෘතික අංශය විසින් සංවිධානය කරනු ලැබූ "කතා කියමු රූප මවමු " පෙර පාසැල් දරුවන් සඳහා වූ මානසික සුවතා සෞන්දර්යාත්මක වැඩසටහන 2025 ජූලි මස 18 වන දින රාජපක්ෂ පෙර පාසැලේදී පවත්වන ලදි.
මෙම වැඩසටහන සඳහා සංස්කෘතික නිලධාරි දිලූෂා ප්‍රනාන්ඳු හා ගයානි වේරපිටිය යන මහත්මියන් සම්පත්දායකත්වය ලබාදුන් අතර මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මිය හා ආයුර්වේද සංවර්ධන නිලධාරි එරන්දි වීරකෝන් මහත්මිය සහභාගී විය.


මිගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත ආබාධිත දරුදැරියන් රැකියා ගත කිරීමේ වැඩසටහන 2025 ජූලි 14 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
මෙම වැඩසටහන සමාජසේවා දෙපාර්තමේන්තුව හා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සංවිධානය කල අතර දරුවන් රුකියාවකට යොමු කිරීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගමින් සමාජගත කිරිම මෙම වැඩසටහනේ අරමුණ විය. මේ සඳහා ආබාධිත දරුදැරියන් සමග ඔවුන්ගේ භාරකරුවන් හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදෙන ආයතන විශාල සංඛ්‍යාවක් සහභාගි විය.























