මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන්, කාර්යාලය හා තරුණ හින්ඳු සංගමය එක්ව ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම සඳහා 2026 ජනවාරි මස 21 වන දින කාර්යාලීය පරිශ්‍රයේදී 14 වන වරටත් තෛයිපොන්ගල් දින සැමරුම් උත්සවය පවත්වන ලදි. මෙම සැමරුම් උත්සවය සඳහා ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා , මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා , සංචාරක සංගමයේ සභාපති වර්ණකුමාර මහතා , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු නිලධාරින් හා සේවා ලබාගැනීමට පැමිණි මහජනතාවද සහභාගි විය.
වැඩසටහන අවසානයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් අඳින ලද කෝලම් රටා සඳහා ත්‍යාග ප්රදානයක්ද සිදු කරන ලදී.





පසුගියදා මෙරටට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වු ගංවතුර ආපදා තත්වයට ගොදුරු වූ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොච්චිකඩේ, උතුරු පල්ලන්සේන සහ දකුණු පල්ලන්සේන ග්‍රාම නිලධාරී වසම් වල කාන්තාවන් සඳහා ඔවුන්ගේ කඩා වැටී ඇති මානසිකත්වය, නැවත නඟා සිටුවමින් සහ වැඩි වර්ධනය කරමින්, ඔවුන්ගේ මානසික ඒකාග්රතාවයද යහපත් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශනයන් සහිත මනෝ සමාජීය ප්‍රවර්ධන වැඩසටහනක් 2026 ජනවාරි මස 07 වන දින මීගමුව, කොච්චිකඩේ,” පැරමවුන්ට් ” උත්සව ශාලාවේදී පැවැත්විනි. සමාරම්භය සනිටුහන් කරමින්, මීගමුව, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ක්‍රීඩා නියෝජ්‍ය ඇමති, සුගත් තිලකරත්න මහතා ,මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්, ලංකා බන්නැහැක මහත්මිය,මීගමුව ඔරියන්ට් සිංහ සමාජයේ සභාපති රෙනෝල්ඩ් ප්‍රනාන්දු මහතා , මීගමුව රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බර්නාඩ් ස්ටීවන් මහතා ,ජ්‍යෙෂ්ඨ උප සභාපති ලාල් රෝහණ මහතා, ලේකම් ,ග්‍රාම නිලධාරී සුසිල් නෝනිස් මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ද සහභාගි විය.
මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කල අතර මීගමුව, රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමය හා ඔරියන්ට් සිංහ සමාජය විසින් අනුග්‍රහය ලබා දී තිබිණි. කාන්තාවන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය “හෙල්පින් හෑන්ඩ්” මනෝ විද්‍යා රෝහලේ අධ්‍යක්ෂිකාව වු ප්‍රකට වෘත්තීය මනෝ විද්‍යා සායනික උපදේශිකාවක් වන තාරු පරණවිතාන මහත්මිය විසින් පවත්වන ලද අතර වැඩසටහන අවසානයේ ඒ සඳහා සහභාගී වූ කාන්තාවන්ට ත්‍යාග ප්රදානයක්ද සිදු කරන ලදී.



බස්නාහිර පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලැබූ, පෙර පාසල් ගුරුවරියන් සඳහා වූ ශාරීරික චලන අභ්‍යාස වල යෙදීම හා නිවැරදි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව ගරු නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2025 දෙසැම්බර් මස 19 වන දින මීගමුව බෝලවලාන නාගරික පෙර පාසල් භූමියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.



2026 වසරේ රාජකාරි ඇරඹෙන පළමු දින ජනවාරි 01 අද දින මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රාජකාරි ඇරඹීමේ නිල උත්සවය පැවැත්විණි.


මීගමුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව 2025 ඔක්තෝබර් මස 24 වන දින මීගමුව නගර සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.





















