මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මියගේ සම්පත්දායකත්වයෙන් යහපත් දෙමාපියභාවය සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්ර් මස 23 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
සියලු දෙමව්පියන්ට තම ළමයින් හොඳින් වැඩෙනවා දැකීම අවශ්‍ය බවත් මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් තම ළමයාට සුදුසු යයි ඔවුන් සිතන දේ සිදුකිරීමට ඔවුහු උත්සාහ දැරුවත් අවසානයේ ඔවුන් දකිනුයේ තමන් අපේක්ෂා කළ තරමට තම උත්සාහයන් ඵලදායි නොවන බවකි. ඒ අනුව සාර්ථක දරුවෙකු නිර්මාණය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.


Clean Sri lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ළමා සුරක්ෂිතතාවය හා මනෝ උපදේශනය පිලිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 18 වන දින කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී පැවැත්විනි.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී තිලංක අධිකාරි මහතා, ළමා ආරක්ෂක නිලධාරී සහනි මල්ලවආරච්චි මහත්මිය, උපදේශන නිළධාරි නුවන්ගි ජයකොඩි මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරි උද්දික රම්‍යකීර්ති මහතා දායකත්වය ලබා දුන් අතර එහිදී දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනික ගැටළු හා ඔවුන්ගේ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නේ කෙසේද යන්න පිලිබදව ද වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.


පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම අද මුළු ලොවම ඉතා ඉහළින් පිළිගෙන ඇත. එහිදී ලබා දෙන අධ්‍යාපනය කලින් කලට සමාජමය හා ව්‍යාපාරික බලපෑම් අනුව විවිධ මුහුණුවර ගෙන ඇතත්, දරුවන් වඩාත්ම හොඳින් ඉගෙන ගන්නේ දෑත් යොදා නිදහසේ කරන සෙල්ලම්, ක්‍රියාකාරකම් මගින් සිය පරිසරය තුළ කෙරෙන අත්හදා බැලීම් තුළින් බව එදත්, අදත් ළමා මනෝවිද්‍යාඥයින් අවධාරණය කර ඇත. මේ පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරපාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 16 වන දින මීගමුව උඩයාර්තෝප්පුව ප්රජාශාලාවේදී පැවැත්විණි. සියලු සංවර්ධන පැතිකඩ වෙත දරුවා කැඳවාගෙන යන්නේ කෙසේද? මෙන්ම දරුවාට මේ සියල්ල අත්පත් කර ගැනීමට ගුරුතුමියට පැවරෙන කාර්යභාරය? පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කරන ලදී.


මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය, මීගමුව මංකුලිය ශා. අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලය හා මුන්නක්කරය ශා. නිකුලා කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් දෙකෙහි 1 වසර හා 2 වසර දරුවන් 60 දෙනෙකු සහභාගිත්වයෙන් "කතන්දර නැන්දා" ළමා වැඩසටහන 2025 සැප්තැම්බර් 17 හා 18 යන දිනවල එම පාසැල්වලදි පැවැත්විනි.
මේ වැඩසටහන සඳහා සත්ව අනුරූකඩ යොදා ගැනුනු අතර ගුවන් විදුලි නිවේදිකා එල්.නිලන්ති කරුණාරත්න මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදි.



ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත , මීගමුව ප්‍රජා විශෝධන කාර්යාලය මගින් සංවිධානය කළ සරුංගල් තරඟයක් 2025 සැප්තැම්බර් මස 10 වන දින උදෑසනදී මීගමුව වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි. ” ගගන සරණ ඉඳුවර රූ ” ලෙස නම්කර ඇති මෙම සරුංගල් තරඟය උදෑසන සිට සවස 2.00 දක්වා පවත්වන ලදි. මේ සඳහා සහභාගි වීම අනිවාර්ය වූයේ මීගමුව, ප්‍රජා විශෝධන කාර්යාලය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රජා විශෝධන කාර්යාලවල නියෝගලාභීන්ට පමණි
මෙහි ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස බස්නාහිර පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරි, තිස්ස කුමාර මහතා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ කටාන සහකාර ප්‍රාදේශීය ලේකම් නිලූෂ ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසක්ද සහභාගි වූහ.
එලෙස නියෝගලාභීන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් ප්‍රජා විශෝධනලාභීන්ගේ නිර්මාණාත්මක චින්තනයන් සේම ඔවුන්ගේ නිර්මාණාත්මක කලා කුසලතාවයන් සංවර්ධනය කිරීම සහ එළිමහන් ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ ආතතී කළමනාකරණය ( Stress Management ) කර ගැනීම, මෙම සරුංගල් තරඟය පැවැත්වීමේ මූලික අරමුණ වීය.
මෙම සරුංගල් තරඟය සඳහා ප්‍රජා විශෝධන නියෝග ලාභීන් 50 දෙනකු පමණ විවිධ ආකාරයේ, විවිධ ප්‍රමාණවලින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් අලංකාර ලෙස නිර්මාණය කළ සරුංගල් තරඟය සඳහා ඉදිරිපත් කර තිබිණි. තවද මෙම තරඟය නැරඹීම සඳහා එම ප්‍රජා විශෝධන නියෝගලාභින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පැමිණි අතර මෙම සරුංගල් තරඟයට ඉදිරිපත් කළ සරුංගල් අතරින් ,නිර්මාණාත්මක සරුංගලය, විචිත්‍රවත් සරුංගලය සහ හොඳම මුදුන් කිරීමේ සරුංගලය යන කාණ්ඩ යටතේ තෝරා ගන්නා සරුංගල් සඳහා තරඟය අවසානයේ වටිනා ත්‍යාග පිරිනැමීමටද කටයුතු යොදා තිබිණි.






















