මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද “ වෙසක් සැදැහැ ගී සරණිය – 2026 ” වෙසක් බැති ගී වැඩසටහන 2026 මැයි 27 වැනි දින කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. සියලු ජාතීන් අතර සාමය, සහෝදරත්වය හා ආගමික සංහිඳියාව වර්ධනය කිරීම අරමුණු කරගත් සර්වාගමික වතාවත් සිදු කරමින් ආරම්භ කරන ලද මෙම වෙසක් බැති ගී වැඩසටහන සඳහා මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව ස්වාමින් වහන්සේ සහ මීගමුව විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති දෙල්වල අංගිරස ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ ආගමික වතාවත් සිදු කරමින් කෙටි දෙසුමක් පැවැත්වූහ.
එලෙසම කතෝලික ආගමික වතාවත් මීගමුව, මහාවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් සහායක පැතුම් පියතුමා විසින් සිදු කරන ලදී. මීගමුව වැල්ලවීදිය, කාලි කෝවිලේ සුසන්ත කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළ අතර ඉස්ලාමීය ආගමික මවුලවිතුමන්ගේ සහභාගිත්වයෙන් කෙටි දේශනයක්ද සිදු කළේය.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම සේවා අංශවල නිලධාරීන් විසින් භක්ති ගීත ඉදිරිපත් කරන ලද අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව පිහිටුවාගෙන ඇති කාන්තා බල මණ්ඩලය, වැඩිහිටි බල මණ්ඩලය, සංස්කෘතික බල මණ්ඩලය සහ පෙර පාසල් ගුරු සංගමය යන සංවිධානවල සාමාජික සාමාජිකාවන්ද මෙම වැඩසටහනේදී භක්ති ගීත ගායනා කළහ.
මේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි , මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර සහ මීගමුව වෙළෙඳ සංගමයේ සභාපති වෛද්‍ය ඉයැන් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.




මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මැයි මස 14 වන දින මීගමුව BCI Campus ශ්‍රවණාගාරයෙදී පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ළමා හා කාන්තා ඒකකය මගින් සිදුකරන ලද අතර ඒ සඳහා මීගමුව කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් 150 පමණ සහභාගී විය.



මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් බෝලවලාන , කුරණ බටහිර, කුරණ නැගෙනහිර, අඟුරුකාරමුල්ල, උඩයාර්තෝප්පුව සහ උඩයාර්තෝප්පුව දකුණ යන වසම්වල මහජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහනක් 2026 මැයි මස 08 වන දින උදෑසන 9.00 සිට අඟුරුකාරමුල්ල අබේසේකරාරාමයේදී ( පුංචි පන්සල) පවත්වන ලදි.
මෙහිදී උප්පැන්න , මරණ, විවාහ සහතික නිකුත්කිරීම, ජාතික හැඳුණුම්පත් රාජකාරි, වැඩිහිටි හැඳුණුම්පත් සැකසීම, රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි, ව්‍යාපාර ලියාපදිංචිය, ආපදා සහන සේවා, ළමා කාන්තා කටයුතු හා උපදේශන සේවා, විදේශ රැකියා ගතකිරීමේ සේවා, අස්වැසුම, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්, ව්‍යාපාර ණය සහ සේවා ඇතුළු සේවා රැසක් ලබාදෙන ලදි.



මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026 මැයි මස 14 වන දින උදෑසන 9.00 සිට 12.00 දක්වා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී වජිරමාලා බියන්විල සහ නාලිකා මුණවීර යන මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් මිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්වඨාශයේ ව්‍යවසාකයින් 20 දෙනෙකු වෙත මෙම පුහුණුව ලබා දෙන ලදී.


ක්ලීන් ශ්‍රිලංකා වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ළමා සංවර්ධන කම්ටු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඩින් කඩ පාසැල් යන දරුවන්ගේ හා දිගුකාලීනව පාසල් නොයන දරුවන් පාසැල්ගත කිරීමේ දෙවන වැඩසටහන 2026 අප්‍රේල් මස 29 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී. එම වැඩසටහන සදහා කලාප අධ්‍යාපන කාර්යාලය හරහා පාසල් මට්ටමින් හදුනාගත් දරුවන් 15 දෙනෙකු ග්‍රාම නිලධාරින් හරහා සම්බන්ධ කරන ලද අතර කලාප අධ්‍යාපන කාර්යාලය, මීගමුව පොලිස් ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපතිතුමිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකයේ නිලධාරීන් සම්බන්ධ විය.
එහිදි අනිවාර්ය අධ්‍යාපන නීතිය, දරුවන්ගෙ අයිතිවාසිකම්, දෙමාපිය කාර්‍ය්භාරය පිලිබදව දරුවන් හා භාරකරුවන් දැනුවත් කරන ලදි. පසුව එක් එක් දරුවා සිය භාරකරු සමග ප්‍රදේශිය ලේකම් කාර්යාල නිලධාරින් සමග තම ගැටලුව, ඉල්ලිම් පිලිබදව සාකච්ජා කරන ලදි. ඒ අනුව ඒ ඒ දරුවාගෙ ගෑටලුව අනුව සාක්ෂරතා පන්ති වෙත සතියක් යොමු කර සිය පාසලට ඇතුලත් කිරිමට තීරණය විය. මෙය පාසල සමග අඛණ්ඩව පසුවිපරම් කිරිමට නියමිතය.





















