මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් කාර්යාලයේ දේශීය ආයුර්වේද සංවර්ධන නිලධාරිනි සිතාරා මහත්මිය විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සඳහා පුහුණූ වැඩසටහනක් ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේදී 2025 මාර්තු මස 29 වන දින පැවැත්විණි.
එම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා සහභාගි වූ අතර ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා සහ ආචාර්ය නිරෝශීකා දූරදර්ශනී මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදි.


විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් ස්වයංරැකියා පුහුණුලාභීන් සඳහා 2025 මාර්තු මස තාක්ෂණ පැවරුම් වැඩසටහන් කිහිපයක් පවත්වන ලදි.
- යෝගට් නිෂ්පාදන තාක්ෂණ පුහුණු වැඩසටහන පල්ලන්සේන කාන්තා සමිති ශාලාවේදී 2025 මාර්තු මස 06 වන දින පැවැත්විණී. එම වැඩසටහන සඳහා 27 දෙනෙකු සහභාගි වූ අතර සම්පත් දායකත්වය කේ.ජේ.ඒ්.වී. පෙරේරා මහතා ( විශ්‍රාමික විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මීගමුව) ලබාදෙන ලදි.


- බිම්මල් නිෂ්පාදන න්‍යායාත්මක පුහුණු වැඩසටහන 2025 මාර්තු 18 වන දින දළුවකොටුව ප්රජාශාලාවේදී පැවැත්විය. මිගමුව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක එස්.එච්.එම්.ජයනාත් පියසේන මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර එම වැඩසටහන සඳහා 20 දෙනෙකු සහභාගි විය.


- ඉටිපන්දම් නිෂ්පාදන පුහුණු වැඩසටහන 2025 මාර්තු මස 19 වන දින කුරණ ග්‍රාම නිලධාරි වසමේදී පැවැත්විණි. ඒ් සඳහා මිගමුව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක එස්.එච්.එම්.ජයනාත් පියසේන මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර එම වැඩසටහන සඳහා 22 දෙදෙනෙකු සහභාගි විය.


" Clean Sri Lanka " ජාතික වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ නගර පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 14 වන දින මීගමු නගරයේදී මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මීගමු මහ නගර සභාවේ , ගුවන් හමුදාවේ, පාසැල් වෑන් රථ සංගමයේ සාමාජිකාවන්ගේ , මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ හා Green Team සාමාජිකයන්ගේ හා මීගමුව ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ශා. ජෝශප් විදිය ( තෙල්වත්ත හන්දිය රේල් ගේට්ටුව , රේල් ගේට්ටුවේ සිට පාලම දක්වා ) , පරණ හලාවත පාර හා කෙලින් වීදිය ( උසාවිය සිට පාලම දක්වා දෙපස, පාලම සිට රේල් ගේට්ටුව දක්වා ) මාර්ග දෙපස හා කාණු පිරිසිදු කරන ලදි.


බහු ආගමික හා බහු වාර්ගික ජන කොටස් එක්ව ජීවත්වන මීගමුව පුරවරය තුල එකමුතුකම, ප්‍රාදේශීය ආගමික සහයෝගීතාව වර්ධනය මෙන්ම සංස්කෘතික හුවමාරුව හා බෙදා ගැනීම අරමුණූ කොට ගෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් 2025 මාර්තු 20 දින ප.ව. 4.30 සිට ඉෆ්තාර් ආගමික උත්සවය ගෝල්ඩන් පැලස් උත්සව ශාලාවේ පවත්වන ලදි.
මෙම උත්සවය සඳහා සර්වාගමික පූජකවරුන් , මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හා ප්‍රදේශවාසීන්ද සහභාගී විය.


"තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක් " තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මීගමුවට ආවේනික මීගමු අළුවා සැකසිමේ තරඟයක් හා මීගමු අළුවා සාදන ආකාරය නොදන්නා අයට සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් සේම සංචාරක ක්ෂේත්රයට මිගමු අළුවා මුසු කිරීම තුලින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළීබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 11 වන දින පැවැත්විණි.





















