
💠 Facebook Marketing හරියට ම ඉගනගන්න.
වර්තමානයේ දී “ Facebook " යනු ලොව පුරා බොහෝ මිනිසුන් තමන්ගේ දවසේ කාලයෙන් කොටසක් ගත කිරීම සඳහා තෝරාගෙන ඇති සමාජ මාධ්‍යයකි.විශාල පිරිසක් භාවිත කරන මාධ්‍ය තුළ ව්‍යවසායකයින් සදහා භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කර ගැනීමට Facebook ආයතනය විශේෂ අවස්තාවක් ලබා දී ඇත.මේ තුළ භාණ්ඩ හා සේවා සම්බන්ධ දැන්වීම් පළ කිරීමට අවස්ථාව ලබාදී ඇත.මේ තුළින් ඔබේ ව්‍යාපාරය නැතහොත් භාණ්ඩය හෝ සේවාව ජාතික හෝ ජාත්‍යන්තර පාරිභෝගිකයින්ටත් පහසුවෙන් පෙන්වීමට හා අලෙවි කරගැනීමට ඔබට අවස්ථාව පවතී.මේ අවස්තාවන් පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරිම හා ඒ සදහා අවශ්‍ය නිවැරැදි ප්‍රායෝගික දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.
මෙහිදී Facebook Page සැකසීම, Business Portfolio සකස්කිරීම, Add Account සැකසීම, Ad Campaingns Run කරන ආකාරය මෙන්ම, නිශ්පාදකයාගේ භාණ්ඩ පාරිභෝගිකයා අතට පත්වීම දක්වා වූ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමුකරන ලදී.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව 2024/09/13 දින මීගමුව උඩයාර්තොප්පුව රැස්වීම් ශාලාවේදී ව්‍යාපාර වල නිරතවන ව්‍යවසායකයින් 30 කුගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වූනි.වැඩමුළුව සඳහා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ Lasitha Pradeep මහතා විසින් සම්පත් දායකත්වය අයකිරීමකින් තොරව ලබාදෙන ලදි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව මහා නගර සභාව ඊසොෆ්ට් ආයතනය හා ග්රීන්ටීම් එකකය හා ජනතාක්ෂන් ආයතනය එකතුව 2024.07.27 දින පෝරුතොට ඉස්සන් වාඩිය වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන හා වෙරළ දැකීමේ වැදගත්කම හා ප්ලාස්ටික් භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි .

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රීන් ටීම් (Green Team) , මීගමුව මහා නගර සභාව එක්ව Rotaract සමාජයේ අනුග්‍රහයෙන් මී පැල සිටුවීමේ වැඩසටහන 2024-08-30 වන සිකුරාදා දින පෙ.ව. 9.00 ට ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානය , කොච්චිකඩේ, මායිම් පාර යන ස්ථානයේදී පවත්වන ලදි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාඅරචිචි මහත්මියගේ මගපෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනුලබන කොට්ඨාසයේ ව්‍යවසායක ප්‍රජාව සඳහා මූලික අලෙවි අවස්තා ගොඩනැගෙන "Sed Mini Fair & Hungry Blast" මාසික අලෙවි ප්‍රදර්ශනය හා පොළ මෙම මස 29 වන සදුදා (2024/07/29) උදෑසන 09.00 සිට සවස 03.00 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පවත්වන ලදි.





















