බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද "කතන්දර නැන්දා" අලංකාර ළමා සෞන්දර්යාත්මක වැඩසටහන තිබිරිගස්කටුව ආනන්දාලෝක දහම් පාසල් පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විනි.
පුංචි සිත් තුළ නිර්මාණශීලීත්වයේ සහ කල්පනා ශක්තියේ නවාංගයන් අවදි කරවමින්, දරුවන්ගේ අනාගතය අර්ථවත් කරන්නට අරුත්බර කතන්දර ලෝකයක සුන්දරත්වය දූ දරුවන්ට තිළිණ කිරීම සඳහා චිත්‍රපට කලා අධ්‍යක්ෂිකා ලක්මා වරුණ කුමාරි මහත්මිය විසින් මෙහි ගුරුහරුකම් සහ සම්පත් දායකත්වය ලබා දෙන ලදි.


මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන්ට සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අගෝස්තු මස 13 වන දින ප්‍රදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරි නදීෂානි මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක රුපියල් ලක්ෂ 10 නිවාස ආධාර යෝජනා ක්‍රමය යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ තවත් නව නිවසක් 2026 අගෝස්තු මස 13 වන දින විවෘත කරන ලදී.
මෙම විශේෂ අවස්ථාවට මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය , සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූ අතර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා තවත් පවුලකට සුරක්ෂිත සහ ස්ථීර නිවසක සිහිනය සැබෑ කරදීමට හැකි විය.


අපේ පරිසරය පිරිසිදුව හා හරිතමත්ව තබාගැනීමේ ජාතික අභිලාෂය පෙරදැරිව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි මසකට වරක් පැවැත්වෙන *"අත්තම"* විශේෂ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ විය. අත්තම වැඩසටහනේ ප්‍රධාන ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වූ ප්‍රධාන වැඩසටහන තලාදූව සනස ශාලාව ආශ්‍රිතව 2026 අගෝස්තු මස 08 වන දින පැවැත්විනි.
මෙම අවස්ථාව සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපතිතුමා, නියෝජ්‍ය නගරාධිපතිතුමා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මලවරාච්චි මහත්මිය, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, ප්‍රජාශක්ති කමිටු නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ මීගමුව ප්‍රදේශවාසී පරිසරයට ආදරය කරන මහජනතාව විශාල පිරිසක් සහභාගී වූ අතර මීගමු නගරය වෙනුවෙන් සැවොම එකා මෙන් අත්වැල් බැඳගනිමින් අපේ අනාගත පරපුර උදෙසා පිරිසිදු, නිරෝගී සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට මෙහිදී සිය දායකත්වය ලබා දෙන ලදි.


'දරුවෙකුගේ ලෝකය විකසිත වන මූලිකම තෝතැන්න වන්නේ තමන්ගේම නිවසයි.'
මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද "නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 ජූලි 30 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සහ ආදරණීය ගර්භනී මව්වරුන් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේදී , දරුවෙකුගේ නිවැරදි ශාරීරික, මානසික හා බුද්ධිමය වර්ධනයට ගෙදර පරිසරය සකස් කරගන්නේ කෙසේද? ගර්භනී සමයේ සිටම දරුවාගේ වර්ධනයට මවගේ සහ පියාගේ දායකත්වය ලබන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව දැනුවත් කරන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිත්‍රානි ප්‍රියංගනී මහත්මිය සහ මීගමුව මුල් ළමාවිය සංවර්ධනය නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් ලබා දෙන ලදී.





















