සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට අනුගතව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥා දීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 27 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික සුපිළිපන් සතිය - ජූලි 27 සිට ජූලි 31 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.



මුල් ළමාවිය අධ්‍යාපනයේ අරමුණ වන්නේ දරුවන් ට අධික ලෙස පාඩම් කරවීම නොව ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව සහ කුතුහලය වර්ධනය කරමින් අනාගතයට අවශ්‍ය 21වන සියවසේ කුසලතා (Critical, Thinking, Creativity, Collaboration, Communication) සදහා අඩිතාලම දැමීමයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව කොට්ඨාසයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් පාලිකාවන් සදහා 2026ජූලි මස 24 වන දින මීගමුව, තම්මිට කාදිනල් කුරේ ධර්මෝපදේශ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයෙදී පැවැත්විණි.
මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය මගින් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මීගමුව කලපයේ ගුරු මධ්‍යස්ථාන කළමනාකාරිණී. චිත්‍රානි ප්‍රියංගනී මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.


මීගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී පවුල් 08 ක් සදහා රුපියල් දස ලක්ෂයේ නිවාස ව්‍යාපෘතිය යටතේ චෙක්පත් ප්‍රදානය සහ දිට්වා ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර හානි සිදු වූ තවත් ව්‍යාපාරික ස්ථාන 05 සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ගේ මගපෙන්විම හා සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 17 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි. මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීනි සුරේකා ලීමා මහත්මිය ද සම්බන්ධ විය.


මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්විම යටතේ, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සමාජසේවා දෙපාර්මීතමේන්තුව හා ඒකාබද්ධව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ආබාධිත දරුවන් වෙනුවෙන් රැකියා අවස්ථා සඳහා මගපෙන්වීමේ වැඩසටහනක් 2026 ජූලි මස 22 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා මීගමුවප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.




මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවා වැඩසටහන 2026 ජූලි මස 15 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා දළුවකොටුව ශාන්ත ජූඩ් දේවස්ථාන දහම් පාසල් ගොඩනැගිල්ලේදී සාර්ථක අයුරින් පැවැත්විනි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ සෘජු අධීක්ෂණය යටතේ, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය මෙම ජංගම සේවා වැඩසටහනට සහභාගි වන ලදි.
මෙම විශේෂ ජංගම සේවයේදී 74 - දළුවකොටුව , 74/A - නැගෙනහිර දළුවකොටුව, 75 - කට්ටුව , 75/A - පලඟතුරය , 77/A - කම්මල්තර ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට තමන්ගේ අවශ්‍යතා රැසක් උප්පැන්න, මරණ, විවාහ සහතික නිකුත් කිරීම , ජාතික හැඳුනුම්පත් සම්බන්ධ රාජකාරි , වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම , රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කටයුතු , ආපදා සහන සේවා , ළමා, කාන්තා කටයුතු හා උපදේශන සේවා , විදේශ සේවා සහ රැකියා ගත කිරීම් , අස්වැසුම සේවා සහ සමාජ සේවා ගැටළු , විශ්‍රාම වැටුප් ,ව්‍යාපාර ණය හා උපදේශන සේවා ආදී රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරකඩටම රැගෙන යමින්, ඔවුන්ගේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවීය. එදින විශාල ජනතාවක් මෙම සේවාවන් ලබාගැනීම සඳහා එක්විය.























